මොරටුව දෙමහල් නිවසක ගින්නක්

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක අද (31) සවස ඇති වු ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර මොරටුව මහ නගරසභාවේ ගිනි නිවන රථ තුනක් යොදා ගනිමින් ගින්න නිවා දමා තිබේ.

ගිනි ගැනිමට ලක් වු දෙමහල් ගොඩනැගිල්ලේ ඇගලුම් ගබඩාවක් තිබි ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *