මොරගල්ල සංචාරක වෙරළ තීරයට දැවැන්ත කිඹුලෙකු ඇවිල්ලා

අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19) පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් බියට පත්ව ඇති බැවින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිසිය මගින් හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කර තිබේ.

කිඹුල් පැමිණිමත් සමග වෙරළ තීරයේ සිටි විදෙස් සංචාරකයන් මුහුදු වෙරළෙන් ඉවත්ව නවාතැන් ගෙන සිටි සංචාරක හෝටල්වලට ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *