මෙරට ලියාපදිංචි වාහනවලින් වාහන ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් අසාදු ලේඛනගත කර භාවිතයෙන් ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වසර පහකට වැඩි කාලයක් බලපත්‍ර ලබා ගෙන නොමැති සොයා ගැනීමට හෝ නොහැකි වාහන මෙලෙස අසාදු ලේඛන ගත කරන බවත් ඊට අදාළ වැඩකටයුතු සිදු කරමින් පවතින බව වාර්තාවේ.
මෙරට ලියාපදිංචිව ඇති සමස්ත වාහන අතරින් වාර්ෂිකව බලපත්‍ර අලුත් කර ගෙන ඇත්තේ වාහන ලක්ෂ පනස් පහක් පමණි. ඒ බව නිරීක්ෂණය වී ඇත්තේ වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ පනහත් පනස් පහක් වශයෙන් සටහන් වීමය.
මේ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධන දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නවයෙහිම දත්ත එක් කිරීමට නියමිතය.
මේ වන විටත් එම පද්ධතිය නිර්මාණය වී අවසන් බවත් නොබෝ දිනකින් එය නිල වශයෙන් හඳුන්වා දෙන බවත් වාර්තාවේ.
මේ අනුව කිසිදු තොරතුරක් නැති වසර පහක කාලයකට වැඩියෙන් බලපත්‍ර අලුත්ව නැති සියලු වාහන පද්ධතියෙන් ඉවත් කර අසාදු ලේඛන ගත කරන බවද වාර්තාවේ.
මෙම තීරණය ගැනීමට ප්‍රධානම හේතුව ඒවායේ ලියාපදිංචි සහතිකවලට අනුව සිදුවන ජාවාරම් මැඬලීම බවද වාර්තාවේ.
සති අග අරුණ