මෙරට වාහනවල අවදානම් Airbag යලි හදන්න යයි

නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරිත්ව අනාරක්‍ෂිත මෝටර් රථ වායු බැලූන (Airbag) නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුධ වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අවධානම් මොටර් රථ කාණ්ඩ සහ මාදිලි 47 ක් හදුනාගෙන ඇති බවත් එම අවධානම් කණ්ඩවලට අදාල වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

අනාරක්‍ෂිත වායු බැලූන සහිත මෝටර් රථ ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් මෙරට ධාවන වන්නේ යැයි හදුනාගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *