මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළට – සෞඛ්‍ය අංශ

ලෝක වකුගඩු දිනය අදට (11) යෙදී ඇති අතර, සෑම වසරකම ලෝක වකුගඩු දිනය මාර්තු මාසයේ දෙවැනි බ්‍රහස්පතින්දාට යෙදෙයි

මෙරට දියවැඩියා සහ අධිරුධිර පීඩන රෝගීන් බහුලව වාර්තාවීම සැළකිල්ලට ගනිමින් මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ, උතුරු මැද පළාත ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගයක් ද පැතිරී ඇති බවයි.

වකුගඩු රෝග රාශියක් ඇති අතර, සරල වකුගඩු රෝග සමඟ ජීවත් වීම කිසිදු අභියෝගයක් නොවන අතර, තමා නියම සටන ඇත්තේ දරුණු මාරාන්තික වකුගඩු රෝග සමඟ වේ.

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මෙම වකුගඩු රෝග අද දින සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට වර්තමානයේ පත්ව ඇත.

ඕනෑම දරුණු රෝගී තත්ත්වයක් වළක්වා ගැනීමට එම රෝගය පිළිබඳ සමාජයේ දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමකින් තිබිය යුතු වේ. වකුගඩු රෝගය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් රැසකගේම ජීවිතවලට මහත් බලපෑමක් ඇති වී තිබීම නිසා රජයට විශාල බරපැනක් දැරීමට සිදුව ඇත.

ලෝක වකුගඩු දිනය නම් කිරීමේ අරමුණ වී ඇත්තේ වකුගඩු රෝග ගැන සමාජ අවබෝධය පුළුල් කිරීම, දියවැඩියාව හා අධික රුධිර පීඩනය වකුගඩු නරක් වීමට බලපාන ප්‍රධාන සාධක ‍බව පෙන්වා දීම සහ ඔවුන් ඒ වකුගඩු රෝග ඇත් දැයි පරීක්ෂා කිරීම, වකුගඩු රෝග වළක්වා ගැනීමට අවශ්‍ය පිළිවෙත් දැනුවත් කිරීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙ රෝගය හඳුනා ගැනීමට සහ අවදානම් අඩු කර ගැනීම පිළිබඳ දැනුවත් වීම, වකුගඩු බද්ධ කිරීම සහ ජීවිත බේරා ගැනීම වකුගඩු ප්‍රදානය කිරීමේ වැදගත්කම ගැන දැනුවත් කිරීම වේ.

Leave a Reply