මෙරට මිනිස්සු සහ නිවාස සංගණනයේ මූලික කටයුතු ඇරඹේ

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර සඳහන් කළේය.

මේ වන විට සිතියම් සකස්කර අවසන් බවත්, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

අවසන් වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවේ 2012 වසරේ දී වන අතර 2021 වසරේ යළි සංගණනයක් සිදු කිරීමට සැළසුම් කර තිබුණද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණි.

කෙසේ වෙතත් මෙවර සංගණනයේ දී වයස, සෞඛ්‍ය, රැකියාව, පදිංචිය ආදි තොරතුරු ලබාගැනීමට නියමිත බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply