මෙරට භාවිතා කරන දුරකථන ජනගහණය ඉක්මවයි

ජංගම දුරකථන ද ඇතුළුව මෙරට පුද්ගලයන් විසින් දුරකථන තුන් කෝටි දහතුන් ලක්ෂ අසූ දෙදහසක් (31,382,000) ක් භාවිත කරන බව අනාවරණය වි තිබේ

මෙරට ජනගහණය දළ වශයෙන් දෙකෝටි විසි එක් ලක්ෂ අසූ එක් දහසකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 වාර්ෂික වාර්තාවට අනුව මෙරට ජනගහනයෙන් පුද්ගලයන් සිය දෙනකු (100) භාවිත කරන ස්ථාවර දුරකථන සංඛ්‍යාව 12 කි. එය සමස්තයක් ලෙස දළ වශයෙන් විසි හය ලක්ෂ පනස් දෙදහසකි (2,652,000).

ජංගම දුරකථනද ඇතුළත්ව පුද්ගලයන් සිය දෙනකු විසින් භාවිත කරන දුරකථන සංඛ්‍යාව 142 කි.

අන්තර්ජාල ඝනත්වය පුද්ගලයන් සිය දෙනකුට 97.7 ක් වේ.

ඩිජිටල් ජීවන තත්ව (Digital Quality Life) දර්ශකය අනුව ඉකුත් වසරේදී (2022) රටවල් 117 ක් අතුරින් ලංකාවට හිමිවී ඇත්තේ 89 වැනි ස්ථානය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Leave a Reply