මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුවු කමිල් හුසේන් මහතා ඊයේ (05) කෙන්යාවේ මොම්බාසා නුවරදි නියුමෝනියා රෝගයට ගොදුරුව ඊට ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී තිබේ.
දෙදරු පියෙකු වු ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 52 හැවිරිදි වියෙහි පසුවිය
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා කොළඹ පිහිටි Chint Energy (Pvt) Ltd සහ Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිට තිබේ. ඒ මහතා මෙරට දක්ෂ රෙසින් කාර් පදින්නෙකු සහ ප්‍රකට සමාජ සේවකයෙකු ද විය
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝක ප්‍රකාශය නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ, කමිල් හුසේන් යනු සැබෑ මිතුරෙකු, දේශප්‍රේමියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් බවයි.
ඔහුගේ අභාවය හදවත කම්පා කරවන සුළු පණිවිඩයක් බවත් විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.
දේහය පිළිබඳ අවසන් කටයුතු කෙන්යාවේදී සිදු කිරීමට නියමිතව තිබිණ