මෙරට දරුවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඩොලර් 45,000ක් පරිත්‍යාග කරති

ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් එම මුදල ඕස්ට්‍රේලියාව පිහිටි විනිස යුනිසෙෆ් ආයතනය වෙත බාරදී ඇති බවත් එහි සඳහන්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පරිත්‍යාග කරන ලද මෙම මූල්‍යාධාරය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍ය සේවා, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා ආධාර කිරීම සඳහා යුනිසෙෆ් හි වැඩසටහන් වෙත යොමු කිරීමට නියමිතය.

“ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට කෙතරම් බලපෑම් එල්ල වන්නේද යන්න අපට ඉතා පැහැදිලි විය, සිදුවෙමින් පවතින දේ දුටු විට, දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ සිටින UNICEF වෙත අපගේ ත්‍යාග මුදල පරිත්‍යාග කිරීම පහසු තීරණයක් විය .” යනුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක නායක පැට් කමින්ස් පැවසීය.

Leave a Reply