මෙම වසරේ ගතවූ මාස හතර ඇතුළත මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගෙන් 113 දෙනෙකු තමන්ට මෙරටදී අත්විඳින්නට සිදුවූ ලිංගික අඩත්තේට්ටම්, මංකොල්ලකෑම්, සොරකම්, පහරදීම් හා වංචාවන් සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
මෙයින් බහුතරයක් දකුණු පළාතේදී මෙම අත්දැකීම්වලට මුහුණ පා තිබේ.
මේ අතරින් පැමිණිලි හැට පහක්ම සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධවය. ඉන් විසි දෙනකුම යුරෝපා ජාතිකයන්ය. තවත් විසි එක් දෙනෙකු රුසියානුවන්ය. ඇමරිකන් ජාතිකයන් හය දෙනෙකුද මෙම පිරිසට අයත්ය. මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මහමගදී හා හෝටල් කාමරවලදී කොල්ලකෑමට ලක්ව ඇත.
මෙම මාස හතරට මෙරට තුළදී ශ්‍රී ලාංකිකයන්ගේ අතින් දූෂණයට හා ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වූ විදේශික කාන්තාවන් හා තරුණියන් ගණන දහතුන් දෙනෙකි. ඉන් නව දෙනෙකුම යුරෝපා ජාතික කාන්තාවන්ය. රුසියානු තරුණියන් දෙදෙනකු ජපාන තරුණියකද තමන්ට වූ අතවරයන් ගැන පොලිසියට පැමිණිලි කර ඇත.
තවත් විදේශිකයන් දහ තුන් දෙනෙකු පහරදීම්, තුවාල සිදු කිරීම් හා බැණ තර්ජනය කිරීම් සම්බන්ධව පැමිණිලි කර තිබේ.
සංචාර අතරේ තමන්ව රවටා සිදු කළ වංචාවන් හා විවිධ ජාවාරම් සම්බන්ධව පැමිණිලි විස්සකට අධික ප්‍රමාණයක්ද ලැබී ඇත.