මෙරටට තැපැලෙන් ආ මිලියන 13ක කුෂ් හා මත්පෙති අල්ලයි

විදෙස් රටවල සිට පාර්සල් කිහිපයක සඟවා මෙරටට එවා තිබූ මත් පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී සිය භාරයට ගෙන තිබේ.

ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤයේ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත මෙම මත්ද්‍රව්‍ය එවා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ ලිපිනයන් බවය.

එම පාර්සල් තුළ සඟවා මත් පෙති 207ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750ක් එහිදී සොයාගෙන ඇත.අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බව තහවුරු කරන ලදී.

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply