මෙක්සිකෝවේ මැග්නිටියුඩ් 7.5ක ප්‍රබල භූමිකම්පාවක්

බටහිර මෙක්සිකෝවේ ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.5 ක් ලෙස මෙම භූමිකම්පාවේ ප්‍රභලත්වය සටහන් වී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රබල භුචලනය සිදුවු ස්ථානයේ සිට බටහිර මෙක්සිකෝවේ වෙරළ තීරයේ කිලෝමීටර් 300 පමණ ප්‍රදේශයකට සුනාමි අවදානමක් ඇති බව ෆැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ද නිවේදනය කර තිබේ

භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති අතර මෙක්සිකො නගරය හෙල්ලී ගිය බවත් එම වාර්තා සඳහන් කළේ ය

1985 වසරේ මෙක්සිකෝවේ සිදු වූ ප්‍රබල භූ චලනයකින් 10,000 ට අධික පිරිසක් මිය ගිය සහ 2017 වසරේ සිදු වූ භූ චලනය කින් 360 දෙනකු මිය ගිය අනුස්මරණය ද අදට යෙදී තිබෙන බව වාර්තාවේ

Leave a Reply