මුහුද මැද ජීවිතයත් මරණයත් අතර සටන් කළ තරුණයෙකු බේරාගනී

ගල්කිස්ස වෙරළේ ඉකුත් 19 වැනිදා දිය නෑමට ගොස් දිය රළකට හසුව ගසාගන ගොස් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි තරුණයෙකු ගල්කිස්ස වෙරළ ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

මෙලෙස බේරාගෙන ඇත්තෙ නුවරඑළිය, කොටගල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මෙම පුද්ගලයා තම විවාහ විමට සිටින තරුණිය හා පවුලේ ඥාතීන් සමඟ කොළඹ චාරිකාවක් සඳහා පැමිණ පස්වරුවෙ ගල්කිස්ස වෙරළ තීරයට දියනෑමට ගොස් ඇති අතර හදිසියේ පැමිණි රළ පහරකට හසුව ඈති අතර දියඹේ මීටර 100ක් පමණ ගසා‍ෙගන ගොස් සිහිසුන්ව සිට ඇත.

වහා ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන කෘතීම ශ්වසනය ලබා දී ඇත. නැවතත් සිහිසුන්ව වූ පසු යළිත් දැඩි පරිශ්‍රමයක් දරා කෘතිම ශ්වසනය ලබාදී පොලිස් හදිසි ඇමතුම් 1990 ගිලන් රථයක් ගෙන්වා වහාම දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යාමෙන් ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ.

Leave a Reply