මුහුදේ සිට බේරාගත් පිරිස වියට්නාමයේ පිහිටි මෙරට කොන්සල් කාර්යාලය වෙත බාරදෙයි

යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීමෙන් වියට්නාම මුහුදේ අතරමංවී සිටියදී පෙරේදා (07) බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා හෝ චී මිං නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබෙන බව වියට්නාම විදේශ අමාත්‍යංශය තහවුරු කර තිබේ

එම පිරිස ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත් වියට්නාම විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර ඔවුන්ගේ ජාතිකත්වය සහ අනෙකුත් තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන පෙර පුවත් සඳහා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *