මුහුදේ දිය නෑමට ගිය සරසවි සිසුවා අතුරුදහන්

විනෝද චාරිකාවක් සඳහා පැමිණ හලාවත තානායම අසල මුහුදේ නාමින් සිටියදී රළ පහරකට හසුවී සරසවි සිසුවෙකු අද (11) ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හලාවත පොලිසිය පවසයි.

මෙසේ ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන රඹුක්කන බණ්ඩාරවත්ත වගව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුවා ඇතුළු පිරිසක් රඹුක්කන ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ දිය නාමින් සිටියදී මෙසේ රළ පහරකට හසුව අතුරුදන්ව තිබේ.

හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ධීවරයින්ගේ ද සහාය ඇතිව අතුරුදන්ව සිටින සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *