මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන් – බිලිපිත්තක් නිසා දෙදෙනෙකුගේ දිවි බේරෙයි

ගාල්ල මහමෝදර කලපුව අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් කණ්ඩායමකින් තිදෙනෙකු අද (04) සවස රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී දෙදෙනෙකු බේරාගෙන ඇති බවත් එක් අයෙකු අතුරුදහන් වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ හුණුපිටිය වත්තල පදිංචි විසි හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

අද සවස මෙම තරුණයන් පිරිස දිය නෑම සඳහා මහ මෝදර කලපු අසල මුහුදට බැස තිබේ.

එහිදී රළ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි තරුණයන් තිදෙනෙකු දුටු ඒ අසල බිලී පිත්තකින් මාළු බාමින් සිටි තරුණයන් දෙදෙනෙකු විසින් සිය බිලීපිත්තෙන් ‍රළ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන තිබෙන අතර අනෙක් තරුණයා අතුරුදහන් වී තිබේ.

අතුරුදහන් තරුණයා සෙවීම සඳහා මේ වන විට ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් නාවික හමුදාවද දැනුවත් කර තිබේ

Leave a Reply