මුහුදේ ගිලෙමින් සිටි රුසියානු ජාතිකයාගේ දිවි බේරා ගනියි

අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයකු මුහුදේ ගිලෙමින් සිටියදී අද (29) දහවල් ඒ අසල සිටි සංචාරක මග පෙන්වන්නන් තිදෙනකු විසින් ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ.

අද දහවල් දියනාමින් සිටියදී මොහු මුහුදේ ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේදී එම සංචාරකයා ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙස කෑ ගසා ඇති අතර, ඒ අසල දියනාමින් සිටී තවත් සංචාරකයන් කිහිප දෙනකු උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වි ඇත.

පසුව මෙම සිද්ධිය දුටු එම වෙරළ ආසන්නයේ රැදී සිටි සංචාරක මගපෙන්වන්නන් තිදෙනකු මුහුදට පැන එම සංචාරකයා මහත් ආයාසයක් දරා සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ.

මෙම සංචාරකයා දිවයිනට පැමිණ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදි මෙම සිද්ධිය සිදුව තිබේ.

Leave a Reply