මුහුදට වැටී ධීවරයෙකු අතුරුදහන් 

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු අද (08) දහවල් මුහුදට වැටි අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ හික්කඩුව පදිංචි 25 හැවිරිදි ධිවරයෙකි.

ඔහු ඉකුත් 26 වන දින ධීවරයින් හතර දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් බහුදින යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර අද දහවල් මෙලෙස මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි යාත්‍රාවේ සිට ගොඩබිම සිටින යාත්‍රාවේ හිමිකරු දැනුවත් කර තිබේ. ඒ අනුව එහි හිමිකරු විසින් මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන් ධීවරයා සම්බන්ධයෙන්  නාවික හමුදාව දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply