මුලටියන ඇල්ලක දිය නෑමට ගිය තරුණයෙකු මරුට

මාතර, මුලටියන, කොස්ගහදොල ඇල්ලේ ඊයේ (19) සවස දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බවත් මිය ගිය තරුණයා ඇතුළු 6 දෙනෙකු ඊයේ සවස දිය නෑම සඳහා එම ඇල්ලට පැමිණ ඇත.

දියේ ගිලුනු තරුණයා ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *