මුරලිදරන් යලිත් 800 වන කඩුල්ල ගාල්ලේ දී දවාගනි

මෙරටින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටයට අදාල රූගත කිරීම් මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙනවා

මුරලිදරන් මහතා විසින් ටෙස්ට් කඩුළු 800 ලබාගත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එයට අදාළ දර්ශන මේ දිනවල රූගත කරමින් පවතී.

එම දර්ශන රූපගත කිරීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එදා මුරලිදරන් මහතා විසින් කඩුළු 800 ලබා ගත් ආකාරයට ක්‍රීඩාංගනය සකස් කර තිබේ.

MS Sripathy විසින් අධ්‍යක්ෂණය කරන 800 සිනමාපටය Movie Train Motion Pictures නිෂ්පාදනයකි

මෙහිදී මුරලිදරන්ගේ චරිතයට පණ පෙවිම සදහා දකුණු ඉන්දියානු දමිළ සිනමාවේ ප්‍රකට නළු විජේ සේතුපති තෝරාගෙන තිබු අතර පසුව විජේ සේතුපතිට ඉන් ඉවත් වන ලෙසට එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉන් ඉවත් වුණා. පසුව නවක නළුවෙකු යොදාගෙන මෙම චිත්‍රපටය රූගත කිරීමට කටයුතු කරනු ලැබුවා

2011 වසරේදී මුරලිදරන් විසින් සිය ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කර තිබූ අතර එයට නම් තබා තිබුනේ ද “800” ලෙසයි. ඒ ඔහු ලබාගත් ටෙස්ට් කඩුළු ගණන සංකේතවත් කරමින් එම පොත එළිදක්වනු ලැබිය.

Leave a Reply