බළන්ගොඩ, ඉදුරන්පිටියේ පිහිටි සත්ත්ව ගොවිපොළකට කඩාවැදුණු පහළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ගොවිපොළේ මුරකරුව ගස් බැඳ ඌරන් 55ක් කොල්ලකා ඇතැයි බළන්ගොඩ පොලිසිය පවසයි.
පෙරේදා (14) අලුයම් කාලයේදී මෙම කොල්ලය සිදුව ඇති බව මෙම ඌරු කොටුවේ හිමිකරු පොලිසියට පැමිණිලිකර ඇත. එම කොල්ලකෑ ඌරන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවන බවත් ඒ අතර ඌරු පැටවුන්ද සිට ඇති බවද සදහන්ය
මුරකරු ගසක ගැටගසා ඔවුන් පැමිණි ලොරි රථයක් ඌරු කොටුව වෙත රැගෙන ගොස් ඌරන් එහි පටවාගෙන පලාගිය බවත් මුරකරු පොලිසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි