මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රිය අනතුරකට ලක්වෙයි

කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය පවසයි.

අනතුරින් අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ද තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය පවසයි.

අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් තිබියදි දී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථය ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇති බව වාර්තාවේ.

රුවන්වැල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. 

Leave a Reply