මුණුපුරාගේ මුදල් ආරවුල ඝාතනයකින් කෙලවර වෙයි

මෝදර බල්ලකෙටුව මාවෙලගම ප්‍රදේශයේ දී මුදල් ආරවුලක් මත වයෝවෘද්ධ අඹු සැමි යුවලක් තියුණු ආයුධයකින් පහරදී ඔවුන්ගේ මුණුපුරා විසින් (04) ඊයේ ඝාතනය කර ඇතැයි බලකෙටුව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 75 සහ 68 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක් බවද පොලිසිය පවසයි.

සැකකාර මුණුපුරා ඊයේ (4) රාත්‍රියේ මෙම අඹු-සැමි යුවළගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් පසුව ඔහු තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇති බවට තොරතුරු ලැබුණු බව පොලිසිය පවසයි. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

බරපතල කැපුම් තුවාල ලැබූ අඹුසැමි යුවළ දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුලත්  පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේන් පසු ඇය ද මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බලකොටුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply