මිස් කෝල් පෙම ලක්ෂ 30 සමග රන් භාණ්ඩ ඈවර කරයි

කොරියාවේ වසර 7 ක පමණ කාලයක් රැකියාවේ නිරතව සිට මෙරටට පැමිණි තරුණයකු මගහැරුණු දුරකථන ඇමතුමකින් හඳුනා ගත් තරුණියක් සමඟ මාතර එලියකන්ද පිහිටි හෝටල් කාමරයක රැඳී සිටියදී එම තරුණිය ඔහුට මත්වීමට යමක් දී රුපියල් ලක්ෂ 30කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම පසුගිය (10) වැනිදා සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ තරුණයා පසුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ගන්දර පදිංචි මෙම තරුණයා එළියකන්දේ හෝටලයට මග ඇරුණු දුරකථන ඇමතුමෙන් හඳුනාගත් අදාළ තරුණිය සමඟ පැමිණ සිටියදී ඇය මත් ද්‍රව්‍යයක් ඔහුගේ බියර් කෑන් එකකට දමා මත් කර ඇති බව පොලිසිය පවසයි. පසුව ඇය ඔහු සතුව තිබූ රුපියල් 10,000ක මුදලක් සහ පැළඳ සිටි රන් භාණ්ඩ සියල්ලම මෙසේ පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *