මිලියනක වැටුප් සහිතව ශ්‍රී ලාංකිකයන්ට ලිතුවේනියාවේ රියදුරු රැකියා

යුරෝපයේ රටවල් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් 600 බඳවා ගැනීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

ඇය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ පවසා ඇත‍

මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහන් කළාය.

තෝරාගත් රියදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් අවශ්‍ය වේ. ඇබෑර්තු 600 පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා ඇති 109 දෙනෙකු පමණි.

එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ.

යුරෝපයේ ප්‍රමිති සමාගම් 500 වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.

මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම  පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග  සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා කීය.

දේශීය බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් වන Fortuna කළමනාකාර අධ්‍යක්ෂ විමල් පෙරේරා මහතා පැවසුවේ අයදුම්කරුවන් තුන් සියයක් අතුරෙන් සියයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට කොළඹ වරායේ ඇති ට්‍රක් රථ යොදා ගත් බවයි.

මෙම රියදුරු පරීක්ෂණය සාර්ථක වීමට නම් වම් පසින් පදවන ට්‍රක් රථ අවශ්‍ය වේ. ඒ සදහා පහසුකම් ලබාදෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

Leave a Reply