වැලිගම, මිරිස්ස මුහුදු වෙරළ තීරය ආශ්රිත ව සිටින විශාල කිඹුලකු හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව එම ප්‍රදේශයේ හෝටල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේ දී පැමිණෙන උත්සව සමය හේතුවෙන් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් මිරිස්ස වෙරළ තීරයට පැමිණීමට නියමිත වුව ද මේ හේතුව නිසා ඔවුන් පැමිණීමට බියක් දක්වන බව හෝටල් හිමියන් පෙන්වා දෙයි
මෙම ගැටලුව විසදීමට වහාම මැදිහත් වන ලෙසයි හෝටල් හිමියන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
මේ අතර පසුගිය දිනවලද අහංගම මුහුදේ සැරිසරමින් සිටි දැවැන්ත කිඹුලෙ ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා අල්ලාගෙන වනජීවියට බාර දෙනු ලැබිය