මියගිය දැරියක් රෝහලට බාරදී පළාගිය සැකකරුවන් අත් අඩංගුවට

වේයන්ගොඩ 15 හැවිරිදි දැරියක් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ 27 හැවිරිදි තරුණයෙකු සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ දැරියක් වන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ බෙම්මුල්ල, බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අද (11) උදෑසන සැකකරු සහ තවත් අයෙකු විසින් මෝටර් රථයකින් රැගෙනවිත් ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාල සහිතව සිටි මෙම දැරිය ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

දැරිය රෝහල්ගත කර ඔවුන් ක්ෂණිකව එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

දැරියගේ සිරුරේ පහරදීමකින් සිදුවූ බවට සැකකරන තැලුම් තුවාල නිරීක්ෂණය කළ රෝහල් බලධාරින් පසුව පොලිසිය දැනුවත් කර රෝහලේ සහ අවට ආරක්ෂක කැමරා දර්ශන උපයෝගිකරගනිමින් සැකකරුවන් හදුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *