මිතුරු ඉල්ලීම් ගැන Facebook සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

ෆේස්බුක් (facebook) සමාජ මාධ්‍ය ජාලයේ ඇතිවූ දෝෂයක් මේ වනවිට නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ෆේස්බුක් හිමි Meta සමාගම පවසයි.

ගිණුම් පරිශීලකයින්ගේ දැනුවත්භාවයෙන් තොරව මිතුරු ඉල්ලීම් වෙනත් පුද්ගලයින් වෙත යොමුවීම අදාළ දෝෂය තුළින් සිදුව ඇති බව එම සමාගම පවසයි.

ගිණුම් පරිශීලකයින් විසින් තම ගිණුමේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුවේ නොමැති අයෙකුගේ ගිණුමක් පිළිබඳ සෙවීමට උත්සාහ කළහොත් අදාළ ගිණුමේ අයිතිකරු වෙත මිතුරු ඉල්ලීමක් යොමුවීම එහිදී සිදුව ඇත.

Meta සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ලොවපුරා සිටින ෆේස්බුක් පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලා තිබුණි.

එසේම මෙම නොසිතූ සිදුවීම හේතුවෙන් පීඩාවට ලක්වූ සියලුදෙනා වෙත ඔවුන් කණගාටුව පළකර ඇත.

මෙම දෝෂය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා බොහෝ ප්‍රකාශ හුවමාරු වූ අතර අනතුරුව වහාම Meta සමාගම එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණි.

Leave a Reply