මිතුරා ඝාතනය කර රට පනින්න ගිය සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බව කියන සැකකරුවෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි හතලිස් දෙහැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

Leave a Reply