මිණිපිරියට ලිංගික අපරාධ කල සීයා රිමාන්ඩ්

අවුරුදු 11ක් වයස සිය මිණිපිරිය දුෂණයට ලක් කල 70 හැවිරිදි සීයා කෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (04) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ නාකියාදෙණිය තලන්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

මෙම දැරියගේ මව හා පියා දැරිය බලාගැනිම සදහා අච්චිගේ නිවසේ තබා ගොස් ඇති අතර ආච්චි වැඩිහිටි සමිතියකට ගොස් සිටියදි සියා විසින් දැරිය දුෂණයට ලක්කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

දැරිය අවස්ථා කිහිපයකදි දුෂණයට ලක්ව ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය පරික්ෂණය සදහා යොමුකිරිමෙන් පසු  දුෂණයට ලක්ව ඇති බව තහවුරුවි ඇත.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර සීයා අත්අඩංගුවට ගෙන තිබේ

Leave a Reply