මැලේසියා ඝාතනයට ඇල්ලු සැකකරුවකු අත් අඩංගුවේ දී මරුට

මැලේසියාවේ සෙන්තුල්හිදී ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත් අඩංගුවේ සිටියදී මියගිය බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානීයා ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ඝාතන සිදුකිරීමට උදව් දුන්නේ යැයි සැක පිට පෙටලින්ග් ජයා ප්‍රදේශයේ නිවසක සිටියදී තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සහ පාකිස්තානු ජාතිකයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ක්වාලාලාම්පුර් පොලිසිය පවසයි.

එම සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානීයා සදහන් කර තිබේ.

මේ වන විට මියගිය ශ්‍රී ලාංකිකයා හැරුණු කොට තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු සහ පකිස්තාන ජාතිකයකු එම ඝාතන සිද්ධිය සම්බන්ධ යැයි සැක පිට අත් අඩංගුවේ පසුවන බව ක්වාලාලම්පූර් පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන්නන් බවද ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply