මැන්ඩවුස් ශ්‍රි ලංකාවටත් හයිය පෙන්නලා

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට එල්ල වූ බලපෑම් සමග ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,302කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කවලට මෙය බලපා තිබේ.මින් පවුල් 1302කට අයත් පුද්ගලයන් 4335 දෙනකු පීඩාවට පත්ව ඇත.

ඌව පළාතට වැඩිම බලපෑමක් එල්ල වි ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 723කට අයත් පුද්ගලයන් 2093 දෙනකු සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 193කට අයත් පුද්ගලයන් 711 දෙනෙක් වශයෙන් එම පළාත තුළ පවුල් 916කට අයත් පුද්ගලයන් 2,093 දෙනකු පීඩාවට පත්ව ඇත.

මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් ඊයේ (08) සහ අද (09) දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණ.

Leave a Reply