මැඩගස්කරයේදී පෙරේදා (14) සිදුවූ රිය අනතුරකින් ශ්‍රි ලාංකීක මැණික් ව්‍යාපාරිකයෙකු මියගොස් තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල චීනකොටුව ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකි.
මෙම මැණික් ව්‍යාපාරිකයන් තිදෙනා ගමන් ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් පෙරේදා (14) මෙම අනතුර සිදුව තිබේ.
ඔහු සමග ගමන් ගත් බේරුවල පදිංචි තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මැඩගස්කරයේ රෝහලකට ඇතුළත් කර තිබේ.