මැග්නිටියුඩ් 7.9 ප්‍රබල භූමිකම්පාවෙන් පසු ටොංගා දූපතට සුනාමි අවදානමක්

පැසිපික් සාගරයේ පිහිටි ටොංගා දූපත ආසන්න සාගරයේ සිදුවූ මැග්නිටියුඩ් 7.9 ක ප්‍රබල භූ චලනයකින් පසු ටොංගා දූපතේ වෙරළ ආශ්‍රිතව පදිංචි සියලුම දෙනා සුනාමි අවදානමක් හේතුවෙන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස එරට බලධාරීන් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම ප්‍රබල භූ චලනය ටොංගා දූපත ඇතුළු අවට කලාපයට දැනී ඇති බවත් මුහුදු පත්ලේ කිලෝමීටර 25 ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ

7.9 ක මෙම ප්‍රබල භූ චලනයෙන් පසු ටොංගා දූපතට සුනාමියක් ඇතිවිය හැකි බව හවායි හි පිහිටි ඇමරිකානු සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.

භූමිකම්පාවෙන් පසු අනතුරුදායක සුනාමි රළ නියු සහ ටොංගා වෙරළ තීරයට සහ අප කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් ඇතුළත ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *