මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූචලනයකින් ඉන්දුනීසියාව කැළඹේ

නැගෙනහිර ඉන්දුනීසියාවේ Kepulauan Babar ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

නැගෙනහිර ටිමෝරය ආසන්න බණ්ඩා මුහුදේ මෙම ප්‍රබල භූ චලන සිදු වී ඇති අතර එහි අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.9 ප්‍රබල භූ චලනයක් බව ඉන්දුනීසියාවේ භූ කම්පන විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම භූමිකම්පාව පොලවේ සිට කිලෝමීටර් 97 ක් (සැතපුම් 60.27) ගැඹුරෙන් සිදුව තිබෙන බවද එරට කාලගුණ අංශ ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රබල භූ චලනයත් සමග ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉන්දුනීසියාව එම භුචලනය සිදුවු අවට වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබේ

මේ අතර ඕස්ට්‍රේලියාවට හෝ අවට කලාපය සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply