මාසයක් අතුරුදන්ව සිටි මෙරට ධීවරයින් පිරිසක් මියන්මාර මුහුදු සීමාවෙන් හමුවෙයි

මාසයකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි ධීවරයන් පස්දෙනකු මියන්මාර මුහුදු සීමාවේ සිටියදී සොයාගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ කුඩාවැල්ල ධීවර වරායන් පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා පිටත්ව ගිය “තරු රශ්මි” නැමැති බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙකි. ඔවුන් කුඩාවැල්ල ධීවර වරාය පිටත්ව ත්‍රිකුණාමලය හරහා ධීවර රැකියාවට පිටත්ව ගොස් තිබේ.

මෙම ධීවරයන් පිරිසට ගොඩබිම සමග පැවති සම්බන්ධතා සියල්ල නැවතී ඇති අතර ඔවුන් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට නිවැසියන්ට නොහැකි වී තිබිණි. කෙසේ වුවද මේ පිරිස මියන්මාර මුහුදු තීරයේ සිටියදී එරට නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර තිබිණි.

ධීවරයන් රැගත් යාත්‍රාව කාර්මික දෝෂයට ලක්වූ ගසාගෙන ගියේ ද එසේත් නොමැති නම් ඔවුන් මසුන් ඇල්ලීම සඳහා එරට මුහුදු සීමාවට ඇතුළු වී තිබේදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මියන්මාර නාවික හමුදා භාරයේ සිරි ධිවරයන් පස්දෙනා එරට ධීවර අමාත්‍යාංශය හරහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාර දී ඇත

Leave a Reply