මාරක රිය අනතුරුවලින් 11 හැවිරිදි දරුවෙකු ඇතුළු 6 දෙනෙකු ජිවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අඹවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක සුනඛයෙකු ගැටී එම යතුරුපැදිය පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ගැටීමෙන් තුවාල ලැබු 11 හැවිරිදි දරුවා මියගොස් තිබේ.

මේ අතර නුවරඑළිය බස්නැවතුම්පලට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම බස් රථයේ පදිකයෙකු ගැටීමෙන් සිදුවු අනතුරකින් එම පදිකයා මියගොස් තිබේ.

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ බටුගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ

එසේම අක්කරේපත්තුව – පොතුවිල් මාර්ගයේ පෙරිය මොහොත්තුවාරම් පාලම අසලදී ද යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තෙළුල්ල ජනපදය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු වෑන් රථ රියදුරු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *