මාරක රිය අනතුරකින් 03 දෙනෙකුට දිවි අහිමි වෙයි

කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ අද (27) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව එක් අයකු බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ හතර දෙනකු ගමන් කර ඇති බවත් අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply