මාරක රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ පුද්ගලික බසයට යට වී මිදිගම දී විදේශිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුසියානු ජාතික යුවළක් බවද පොලිසිය පවසයි.

වැලිගම මිදිගම ප්‍රදේශයේ දී විදේශිකයින් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් මාතර – කොළඹ පුද්ගලික බසයක ගැටීමෙන් විදේශිකයින් දෙදෙනා මියාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

සංචාරකයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය බස් රථයේ ගැටී එහි පිටුපස රෝදයට යටවී ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply