මාදු ගඟේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්

ඊයේ (14) සවස බලපිටිය මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය පාසල් ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ සිටින ආච්චී සීයා බැලීමට තම මව සහ සොහොයුරා සමඟ පැමිණි මත්තේගොඩ ප්‍රදේශයේ සිට 13 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ගඟ පත්ලේ සොයා බැලුවත් ඔහුගේ සිරුර ඊයේ රාත්‍රිය වන විටත් සොයාගත නොහැකි වී ඇත.

මෙහිදී අතුරුදන් වූ මෙම සිසුවා තවත් සිසුන් දෙදෙනෙක් සමග මාදු ගඟේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී පැමිණි රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

අතුරුදන් වූ මෙම සිසුවා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Leave a Reply