මාතර මුහුදේ දිය නෑමට ගිය සිසුන් තිදෙනෙකු අතුරුදහන්

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු අද (17) දහවල් මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශවල පදිංචි 17 හැවිරිදි උසස් පෙළ සිසුන් තිදෙනෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සිසුන් අද පෙරවරුවේ උපකාරක පන්තියකට සහභාගී වීමට පැමිණ මෙලෙස නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.

අතුරුදහන් සිසුන් තිදෙනා සොයා මේ වන විට නාවික හමුදාව සමග එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවද පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *