මාතර මුහුදේ ගිලී සිසුන් දෙදෙනෙකු මරුට

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව දියේ ගිලුණු සිසුන් දෙදෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මුහුදේ ගිලී මිය ගිය එක් අයෙකු අකුරැස්ස කියාඩුව පදිංචි තෙලිජ්ජවිල පාසලක ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන 17 හැවිරිදි සිසුවකු බවට හදුනා ගෙන ඇති අතර අනෙක් සිසුවාගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැත.

මුහුදේ ගිලුණු තරුණයින් දෙදෙනාගේ ජීවිත බේරා ගැනිමට යුධ හමුදා සාමාජිකයින් ඇතුළු අවට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ. මෙම ප්‍රදේශයේ දිය නෑම ඉතා අනතුරුදායක බවද ප්‍රදේශවාසීන් පවසයි

සිව්දෙනෙකු මෙලෙස දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply