මාතර මුහුදේ අතුරුදහන්වූ සිසුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් සිටි සිසුන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (18) සොයාගත් බව මාතර පොලිසිය පවසයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ මාකඳුර පදිංචි සිසුන් දෙදෙනාගේ මළ සිරුරුය. තවත් එක් සිසුවකුගේ සිරුර සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි

මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා ඔවුන් නිවසින් පැමිණ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ

මෙලෙස මියගොස් ඇත්තේ මාකදුර පදිංචි කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලේ 12 ශ්‍රේණිය වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින පාසල් සිසුන් තිදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply