මාතර නිවසකින් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍යය තොගයක් අත් අඩංගුවට

යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් සමග තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා සෙබලෙකු අද (09) අත් අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිහගොඩ කෝට්ටවත්ත යටියන පදිංචි 48 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙකි.

දෙමහල් නිවස පිහිටි ගෙවත්තේ වළවල් දෙකක අඩි 5 ක් පමණ ගැඹුරට කපා එම යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය වළ දමා තිබු බව පොලීසිය සදහන් කරයි.

මාතර පොලිසියට ලැබුන තොරතුරක් අනුව සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි T 56 පතරොම් 181ක්, පිස්තෝල පතරොම් 289ක්, බෝර 12 උණ්ඩ 08ක්, අත් බෝම්බ 02ක්, දුම් බෝම්බ 09ක්, ටී.එන්.ටී.සෙට් 03ක්, සී 4 වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 03ක්, ඩෙටනේටර් සේවා නුල් 16ක් සොයාගෙන ඇත.

ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී මදන මෝදක ගුලි 153 ක් අඩංගු පැකට් දෙකක් ද සොයා ගෙන ඇත

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply