මාතර දී තරුණියක් දුමිරියට පැන ජිවිතක්ෂයට

මාතර වල්පලදී තරුණියක් ඊයේ (05) රාත්‍රියේ ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය වු දුම්රියකට පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නෝනගම අම්බලන්තොට පදිංචි 16 හැවිරිදි තරුණියක් බවද පොලිසිය පවසයි

මෙම තරුණිය පවුලේ අය සමග ඇතිකරගන්නා ලද මතබේදයක් මුල් කර ගෙන අමනාපව නිවසින් පැම්ණ ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply