මහ පාරේ දමා ගිය අලුත උපන් බිළිඳා බේරාගනි

ත්‍රිකුණාමලය, කන්නියා – සර්ධාපුර ප්‍රධාන මාර්ගයේ වල්ලුවර්කෝට්ටම් ගම්මානය ආසන්නයේ මාර්ගය අයිනේ දමා ගොස් සිටි අලුත උපන් බිළිඳෙකු හමු වී තිබෙන බව පොලිසිය පවසයි.

අනුමාන කරන අන්දමට මෙම බිළිදා දිනක් පමණ වයසැති පිරිමි දරුවෙකු බවද පොලිසිය පවසයි.

රෙදි කඩක් මත තබා තිබූ එම බිළිදා වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශවාසී කාන්තාවක් විසින් පොලිස් නිළධාරීන් පැමිණෙන තෙක් සිය නිවසේ තබාගෙන සිට තිබේ

පසුව ප්‍රදේශවාසීන් විසින් මෙම බිළිඳා ත්‍රීකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර මේ වනවිට මෙම බිළිඳා නිරෝගී සුවයෙන් පසුවන අතර උප්පුවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *