මහියංගනය රෝහලක වෛද්‍යවරයෙක් දියේ ගිලී ජිවිතක්ෂයට

මහියංගනය මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වෛද්‍යවරයෙකි.

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ‍දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපකඩ වැවේ දියනාමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෛද්‍යවරයාගේ මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *