මහා බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්

පෝලියෝ වෛරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු කුඩා දරුවන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින් පෝලියෝ වෛරස විෂබීජ හමුවීමත් සමඟ මහා බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් හටගෙන තිබේ. පසුගිය ජූනි මාසයේ ලන්ඩන් නුවර අපහවන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වෛරස විෂබීජ හමුවි තිබේ.

තවමත් බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැති බවත් බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කළේ, දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත.

අපවහන නළයෙන් පෝලියෝ වෛරස විෂබීජ හමුවුණු බැවින්, වෛරස ව්‍යාප්තියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ අනුව ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා පෝලියෝ බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply