මරාන්තික මාර්බර්ග් වෛරසය ගැන අනතුරු ඇඟවීමක්

මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරසය අප්‍රිකාව තුළ වේගයෙන් පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මාර්බර්ග් යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වෛරසයකි

ටැන්සානියා, ගිනියාව යන රටවල වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

මාර්බර්ග් වෛරසය ඉහළ මරණ අනුපාතයක් සහ වසංගත විභවයක් සහිත බෝවන රෝගයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වෛරසය ආසාදනය වී දින 7ක් ඇතුළත අධික උණ, දැඩි හිසරදය තෙහෙට්ටුව දැඩි ලෙස වර්ධනය වී මරණය දක්වා යා හැකි අතර  මෙම තත්ත්වය මීට මසකට පමණ පෙර ගිනියා රාජ්‍යය ආශ්‍රීතව වාර්තා විය.

අප්‍රිකානු කලාපය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ටැංසානියා රජය සමග කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ, ඒ හේතුවෙන් මේ වන විට මධ්‍යම අප්‍රිකානු කලාපය තුළ අවදානම් තත්ත්වයන් හඳුනාගෙන වහා ප්‍රතිචාර දැක්වීමට හැකි කණ්ඩායම් මෙන්ම රෝග පාලනය වැළැක්වීමට හා රසායනාගාර පහසුකම් ජාලා පුළුල් කර ඇති බවයි.

Leave a Reply