ප්‍රදේශ තුනක මනුෂ්‍ය ඝාතන තුනක්

මිදිගම කොස්ගම දී සහ ගම්පහ දී මනුෂ්‍ය ඝාතන තුනක් ඊයේ (30) සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ වැලිගම, මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමියෙකු අද අලුයම මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි. 

මෙම පුද්ගලයා මාර්ගයේ සිටින අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති අතර බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබේ.

ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙන අතර බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, කොස්ගම පොලිස් වසමේ මුණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කළුඅග්ගල පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වයි.

මෙම ඝාතන තුන සම්බන්ධයෙන් අදාළ පොලිස් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply